තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා හෙට (25) ශ්‍රී ලංකාවට පැමිණෙයි.
විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
දෙරට දී පැවැත්වෙන බලශක්ති සමුළුවකට සහභාගි වීමේ අරමුණින් මෙරටට පැමිණෙන ඒ මහතා මේ මස 27 දා යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිණී කොළොන්නේ මහත්මිය සදහන් කරයි.
"ශ්‍රී ලංකාවේ අනාගත නායකයින්" යන මැයෙන් මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී හෙට (26) පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්බන්ධ වන ඒ මහතා පාසල් දරු දැරියන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,500ක් ඉදිරියේ විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිත බවද මහේෂිණී කොළොන්නේ මහත්මිය පැවසුවාය.

