අපේක්‍ෂක අංක ලැබෙයි


ඔක්තෝබර් 08 වැනිදා පැවැත්වීමට නියමිත ඡුන්දයේ පළාත් පාලන ආයතන 23න් 18ක අපේක්‍ෂකයන්ට මනාප අංක ලබාදීම අද අවසන් කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.කොළඹ - දෙහිවල ගල්කිස්ස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව සහ කල්මුනේ යන මහනගර සභා පහේ අපේක්‍ෂකයන්ට මනාප අංක ලබාදීම හෙට අවසන් කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.