අපේක්ෂිකාවගේ ගෙදරදී බෙදූ පෝර පොලිසිය භාරයට ගෙන බෙදයි


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය භාරයට ගෙන තිබුණි.

මෙම අපේක්ෂිකාවගේ සැමියා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂි පර්යේෂණ නිලධාරිවරයෙකු ලෙස සේවය කරන අතර ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදි පොහොර නොබෙදා සිය නිවසේ තෝරාගත් ගොවියන් පිරිසකට පොහොර දෙන බවට පිරිසක් විසින් කැබිතිගොල්ලැව පොලිසියට කල දැණුම් දිම මත පොලිසිය එම ස්ථානයට පැමින පොහොර මිටි 62 තම භාරයට ගෙන තිබේ.

මේ දිනවල රජරට පවතින දැඩි පොහොර හිගය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොහොර සහනාධාරය වෙනුවට ඝෘජුවම ගොවිජන සේවා මධ්‍යස්ථානයට පොහොර ලබා දිමට පියවර ගෙන ඇත.

එසේ රජය මගින් සැපයු මෙම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදි නොබේදා සිය නිවසේ තබා ගෙන තෝරාගත් ගොවියන්ට පමනක් පොහොර බෙදිමට මෙම කෘෂි පරියේෂණ නිලධාරිවරයා ක්‍රියාකර ඇතැයි ප්‍රෙද්ශවාසිහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් අද (24) වැනි දින අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායාක මහතා ගෙන් කල විමසුමේදි ඒ මහතා අප සමග මෙසේ පැවසිය.

ඡන්ද අපේක්ෂිකාවකගේ නිවස ඉදිරිපිට පොහොර බෙදා දිමක් සම්බන්ධයෙන් කැබිතිගොල්ලැව පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා.පොලිසිය මැදිහත්වි එම පොහොර මිටි හැට දෙක පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම චන්ද අපේක්ෂිකාවගේ සැමියා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියෙක්.සිය බිරිදගේ ඡන්ද ප්‍රවර්ධන කටයුතු සදහා මෙසේ පොහොර බෙදා දුන්නේද යන්න පිලිබදව විමර්ෂණයක් සිදු කරනවා.එසේම මේ සම්බන්ධයෙන් අපි ගොවිජන සේවා කොමසාරිස්වරයාටත් දැණුම් දිමක් සිදුකර තිබෙනවා ආයතන මට්ටමින් පරික්ෂණයක් සිදුකිරිමට.එම වාර්තාවද සැලකිල්ලට ගන්නා බව කොමසාරිස්වරයා මෙහිදි පැවසිය.