අපේක්ෂකයන්ගේ නිවස්වලට පහර දුන් 13 ක් රිමාන්ඩ්


(වසන්ත චන්දාපාල)

අම්පාර කල්මුනේ පොලිස් බල ප‍්‍රදේශයේ සයින්දමර්දු ප‍්‍රදේශයේදී කල්මුනේ මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන  අපේක්ෂකයින්ගේ  නිවස් දෙකකට   පහර දුන් සැකකරුවන් 13 දෙනෙක් කල්මුනේ මහේස්ත්‍රාත් පයාස් රසාක් මහතාට ඉදිරිපත් කිරිමෙන් පසු  28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළේය.

පසුගිය දිනක කල්මුනේ නගර සභාවට තරග කරන ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් පිරිසක් විසින් කල්මුනේ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන පුද්ගලයන් දෙදෙනෙකුගේ නිවසට පැන අලාභ හානි කළ බවට කරන ලද පැමිණිල්ල අනුව මෙම සැකකරුවන් 14 දෙනා  කල්මුනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.