අපේ සරසවි විදෙස් සරසවි එක්ක ගිවිසුම් හතරක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහළට ඔසවා තැබීම හා අන්තර් ජාතික කරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ, චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනය (Institute of Geology and Geophysics) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

* කැලණිය විශ්ව විද්‍යාලය හා ඉන්දියාවේ භාරතීදාසන් විශ්ව විද්‍යාලය අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

* මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ යොකොහමා ජාතික විශ්ව විද්‍යාලයේ බහු විධ විද්‍යා ආයතනය (Institute of Multidisciplinary Sciences) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

* මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ ටොකු යමා විද්‍යාලයේ, ජාතික තාක්ෂණ ආයතනය (National Institute of Technology) අතර වසර 05 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.