
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.
ඇය මෙසේද කීවාය
ඒ ගරුත්වය ඒ කොමිෂන් සභාවට දිය යුතුයි. තරුණයන් ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රධාන ආයතනය. ලෝකයෙන්ම ඇගයීමට ලක්වෙලා තියෙනව. ඒක සුළුපටු දෙයක් නොවෙයි.

