දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍ර්‍රී ලංකා ගුවන් හමුදාවේ එහි යන අවසන් භට කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනුයේ දකුණු සුඩානයේ සාම සාදක රාජකාරී සඳහා ප්‍රථම වරට ගුවන් හමුදා ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බවයි.
මෙහි ප්‍රථම කණ්ඩායම ලෙස නිළධාරීන් දෙදෙනෙක්, ගුවන් භටයින් දස දෙනෙක්ගෙන් යුත් ගුවන් හමුදා භට කණ්ඩායමක් හා එම් අයි 17 වර්ගයේ ගුවන් යානා 03 ක් 2015 පසුගිය 06 වන දින දකුණු සූඩානය බලා ඒ එන් 124 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර එම කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩද පසුගිය 6 වෙනිදා සිට 20 වෙනිදා තෙක් අතර කාලය තුලදී ගුවන් ගමන් වාර පහකින් සුඩානය වෙත ප්‍රවාහනය කරනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනුයේ භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය ආහාරපාන/භාණ්ඩ භ්‍රවාහනය අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් හෙලීම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක්‍රීය දායකත්වය එහිදී ලබා දීමට නියමිත බවයි.











