අපේ කෑම බීම ගැන වෙද වෙබ් අඩවියක්


ශ්‍රී ලාංකිකයන් කෑමට ගත යුතු ආහාර වර්ග හා ආහාර රටාවන් ඇතුළත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැරැසෙයි.

මෙරටේ ජනතාවගේ ආහාර රටාවන් සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයට පත්ව ඇති බැවින් පෝෂණ ගුණයෙන් හෙබි ආහාර මොනවාදැයි යන්න පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.