ශ්‍රී ලංකාවේ පස්වෙනි ගොල්ෆ් ක්‍රීඩාංගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අද අනුරාධපුර ගුවන් හමුදා මුලික කඳවුරේදී විවෘත කළේය.
‘ඊගල් හෙරිටේජ‘ ගෝල්ෆ් පිටිය ලෙස නම් කර ඇති මෙය ශ්‍රී ලංකාවේ පස්වන ගෝල්ෆ් ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන ගෝල්ෆ් ක්‍රීඩාංගණය ලෙස ඉතිහාසයට එක්වේ.
මෙම ක්‍රීඩාංගණය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක විදේශීකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව පිහිටා ඇති අතර එම ප්‍රදේශයේ පිහිටවූ පළමුවන ගෝල්ෆ් පිටිය මෙය වේ.
එහි ගෝල්ෆ් ක්‍රීඩාවට අවශ්‍ය සියලූම පහසුකම් සලසා ඇති අතර නවාතැන් පහසුකම්, ආහාර පාන, නාන තටාක, ආදි සියˆම පහසුකම් ලබාගත හැකිය.
ඹ්නෑම පුද්ගලයෙකුට මෙම ක්‍රීඩාංගනයට පිවිසීමටත් ක්‍රීඩා කිරීමටත් හැකියාව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.
මෙය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් මෙහෙයුම් අධ්‍යකෂක එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යකෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යකෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ, ගුවන් කොමදෝරු සුදර්ෂණ පතිරණ, ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය,ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවඅරු අණදෙණ නිළධාරි ගෘප් කැප්ටන් සම්පත් තුයියකොන්තා ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.