අපුර රෝහලේ ලොකු ලෙඩක් මෝදුවෙයි


ජපානයේ අන්තර් ජාතික සහයෝගීතා අධාර යටතේ තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකැර වසරකට පසුව ද නිසි ප‍්‍රමිතියක් ඇති නොකළ නිසා අඟහරුවාදා (18) සිට එහි බාහිර හා සායන ප‍්‍රතිකාරවලින් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධරයන්ගේ අනුරාධපුර ශාඛාව කියයි. නිසි වාත‍්‍රාශ‍්‍රයක් ද එහි නැතැයි එම ශාඛාවේ ලේකම් දොස්තර චරිත හේරත් කියයි. එහි වා සැකසුම් යන්ත‍්‍රය ද සවිකැර දොස්තර ඉල්ලීම් ඉටුකරද්්දීත් ඔවුන් සේවයෙන් ඉවත්වීම ගැටළුවකියි රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්.ටී.බී. විජේකෝන් කියයි.