හෙරොයින් පැකට් තුනක් (මිලිග්‍රෑම් 60ක්) ළග තබා ගත් බව කියන කේ ඒ අමිල උපේක (33) නම් නීතීඥයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
නීතීඥයාගේ සාක්කුවේ තිබී පැකට් තුනක් ද, ඊයම් කොල කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
තමා නිවැරදිකරු බව නීතීඥයා අධිකරණයට දැන්වීය.
විභාගය ජනවාරි තුන් වැනි දාට කල් තැබිණි.

