අපි මෙහෙම ඉන්න ඕන රටක් නෙමෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල්  රණසිංහ මහතා පැවසීය.

"අපි බාරගත්තේ  ආර්ථික පදනම් බිඳ වැටුණු සමාජීය වශයෙන් අවස්ථාවර වෙච්ච රටක්.මුලින්ම අපට ඒ වගකීම දරන්න සිදුවුණා.අස්ථාවර වූ රට ස්ථාවර කිරීමේ කාර්යභාරය ගැන 2025 අයවැයෙන් අවධානය යොමු කරනු ලැබුවා.භාණ්ඩාගාරය පිරී ඉතිරී යන මට්ටමට අප ආර්ථිකය ස්ථාවර කළා යැයි විපක්ෂයේ ඉන්න දේශපාලකයන්ට පවා අද කියන්නට සිදුවී තිබෙනවා.රට ආර්ථික වශයෙන් ස්ථාවර වුණාය කියන දේ තහවුරු කරන්න ඒ ප්‍රකාශයම ඇති. දේශපාලන වශයෙන් අප රට දැන් ස්ථාවර වෙලා තියෙනවා.සමාජීය වශයෙන් ද ස්ථාවර වී තිබෙනවා.ඒ අනුව පසුගිය අයවැයේ අභිමතාර්ථ  මුදුන් පත් වී තිබෙන බව කිව යුතුයි.2026 අයවැයේ අරමුණ කුමක් විය යුතුද? ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක්. ස්ථාවර කරපු රට සංවර්ධන ඉලක්ක කරා යන්නේ කොහොමද කියන සැලසුම සහිතව මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.