(සුජිත් හේවාජුලිගේ)
ගිය ආණ්ඩුව හදපු කුණු කඳු තුනක් අපේ ඇඟට කඩා වැටුණා.අපි ඒ කුණු කඳු තුනෙන්ම ගොඩට ආවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මීතොටමුල්ල කුණු කන්ද , සයිටම් කුණු කන්ද හා ජාත්‍යන්තර බලපෑම් නමැති කුණු කන්ද ඒ කුණු කඳු තුන යැයිද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළොන්නාව මණ්ඩාවල ‘‘ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස්‘‘ නිවාස සංකීර්ණය ජනාතා අයිතියට පත් කිරීමෙන් පසුව එම නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී අද (12) පැවැති උත්සවයේදීය.
ඡායාරූප - ගයාන් අමරසේකර