අප්‍රේල් විරුවෝ සමරති


(චාපා මධුභාෂිණී)

ජනතා විමක්ති පෙරමුණේ 50 වන අප්‍රේල් විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරකගොඩ පුලතිසි තාරුකා මණ්ඩපයේදී අද (5) සවස පැවැත්විණි.

“ සදා සමරමු සොහොයුරෝ” මැයෙන් විරුවන්ට පුෂ්පඋපහාර දක්වීම ඒදින සිදු කරන ලදි.

ඒදින මෙම විරු සමරුවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධන ලේකම් ටී.බී සරත්, කවුඩුලුවැව ගොවි පදනමේ සභාපති කේ.ජි අශෝක කරුණාසේන, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්වන ඒ.ජී ජයරත්න, සමන් කුමාර මහතා ඇතුළු බොහෝ දෙනෙක් ඒක්ව සිටියහ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරීහු 1000ක ආසන්න පිරිසක් එක්ව සිටියහ.

අප්‍රේල් විරුවන්ගේ ගුණ සමරා ජනතා විමුක්ත පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මල් කලඹක් තබා පූෂ්පෝපහාර දැක්වීම.

71 දශකයේ සිට මේ දක්වා ජනතා විමුකති පෙරමුණේ ක්‍රියකාරින් විරුවන්ට පුෂ්පෝප හාර දැක්වීය.