අපලයක් දුරුකර ගැනීම සඳහා ගොකරැල්ලේ මැද්දෙ ගම්පොලදී අලියෙකුගේ බඩ යටින් රිංගවූ අත දරුවෙකු අලියාට පෑගී මිය ගිය බව පොලීසිය කියයි.
මව සමග පැමිණි දරුවා වෙනත් පුද්ගලයෙකු විසින් අලියාගේ බඩ යටින් රැගෙන යද්දී පය පැටලී ඔහු වැටී ඇතැයිද දරුවා අලියාට පෑගී ඇතැයිද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

