අපරාධ නීතිය යටතේ පරීක්ෂණයට මැකෝ හරස් නොවේ


මැතිවරණය අවසන් වන තුරු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපේක්ෂකයන් ගෙන්වීම නැවැත්වීමට තීරණය කළේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක දී බවත්, ඊට සියලු දෙනා එකඟ වූ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

පක්ෂ ලේකම්වරුන් ගත් තීරණය අනුව ලබන 18 වැනි දා තෙක් මැතිවරණ අපේක්ෂකයන් ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීම නවත්වන්නැයි උපදෙස් දුන් බවත්, අපරාධ නීතිය යටතේ ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් නොවන බවත් කොමසාරිස් පවසයි.