
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ගනේමුල්ල සංජිවගේ ගෝලයෙකු බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කලන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 27 වියැති තරුණිය (ඉමා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
වත්තල එඬේර මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන සැකකාරිය ඉමා නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන බව ද සංදුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධි දෙකකට අදාල ගිණි අවිය ප්‍රවාහනය කල තැනැත්තිය බවට ද හඳුනාගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ සඳහන් කරයි .
පොලිස් විශේෂකාර්ය බලකායට ලත් තොරතුරක් මත , කුරුකුලාව, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

