අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙයි


(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ  සභාපති ප්‍රභාෂ්  සුභසිංහ මහතා ඒම ධුරයෙන්  ඉල්ලා අස් වී ඇති බව ඒම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කර සිටී.
 
ඉකුත් වස‌ෙර් දෙසැම්බර් මාසයේ සිට වසරක කාලයක් වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩල සභාපති තනතුර භාර ගෙන සිටි ප්‍රභාෂ් සුබසිංහ මහතා   සිය අනෙක් ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වෙනුවන් ඒම තනතුරින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
 
ප්‍රභාෂ් සුබසිංහ මහතා ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. මිට අමතරව ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේද සුබසිංහ මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්‍රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා ද වේ.
 
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දී පවා මෙරට අපනයන ක්‍රියාවලිය නොකඩවා පවත්වා ගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයේ  සභාපතිවරයා ලෙස ප්‍රභාෂ්  සුභසිංහ මහතා පසුගිය මාස කිහිපය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ අයෙකි.