අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි


(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රොද්‍රිගු)

ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍රී ලංකා ඉතිසාහයේ ඉහළතම අපනයන ආදායම ඉපයූ බවත් එය 2020 සමඟ සැසදීමේදී අපනයන ආදායමේ සියයට 23 ක වර්ධනයක් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය.

භාණ්ඩ අපනයනයෙන් පමණක් 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් හෙවත් ඩොලර් කෝටි 1200 ක ආදායමක් ඉදයූ බව කී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අඟලුම් සහ රෙදිපිළි අපනයෙන් ඉපයූ ඩොලර් බිලියන 5.4 කට අධික මුදල එහිදී තනි අංශයකින් ලැබූ ඉහළතම ආදායම බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව 2021 වසරේ සේවා අපනයෙන් ඩොලර් මිලියන 2657 කට අධික ආදායමක් උපයා ඇති බවත් එහිදී තොරතුරු තාක්‍ෂණ සේවා අපනයනයෙන් වඩාත් කැපී පෙණෙන ආදායමක් ඉපයූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)