ඉන්දිකා රාමනායක
අධික වර්ෂාව හේතුවෙන් අපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන කටයුතු සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ 300 ට අධික පිරිසක් සහ බෝට්ටු සමග ස්ථාන ගතකර ඇති බව හමුදාව කියයි.
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති සේනාංක දෙක මේ සඳහා සුදානම් කර ඇති බවත් දැනට හමුදා සාමාජිකයන් 120 ආසන්න පිරිසක් හා බෝට්ටු සමග යොදවා ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
කළුතර, පාලින්දනුවර, බුළත්සිංහ යන ප‍්‍රදේශ වලට බෝට්ටු දෙකක් සමග 40 ක හමුදා කණ්ඩායම්ක් ද, මාතර ,මොරවක ,කඹුරුපිටිය යන ප‍්‍රදේශවල බෝට්ටු 2ක් සමග 20 දෙනෙකුගේ සමන්විත කණ්ඩායම් ද, රත්නපුර ප‍්‍රදේශයට බෝට්ටු 3 ක් සමග 32 ක කණ්ඩායමක් ද, ගාල්ල නෙළුව,තවලම, හිනිදුම යන ප‍්‍රදේශ වෙත බෝට්ටු දෙකක් සමග 25 ට භට කණ්ඩායමක් යොදවා ඇති බවද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම ප‍්‍රදේශ වෙත ගමන් ගැනීම දුෂ්කර වීම හේතුවෙන් කල්තියාම මෙම කණ්ඩායම් අදාල ප‍්‍රදේශ වල ට යොමුකර ඇති බවද හමුදාව ප‍්‍රකාශකවරයා කීය.
නාවික හමුදාවෙන් ඩිංගි යාත‍්‍රා 30 ක් සමග 200 ක භට කණ්ඩායමක් දැනට යොදව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් චන්දන බණ්ඩාර දිසානායක මහතා පැවසිය. ගුවන් හමුදාවේ ද සෑම කඳවුරකම හෙළිකොප්ටර් යානා සමග සහන කණ්ඩායම් මේ සදහා ස්ථාන ගත කර ඇති බවද ගුවන් හමුදාව කියයි.
අපදා සහන සලසන්න හමුදාවේ 300ක් සීරුවෙන්
Recommended Articles