අපතේ යන ජලය උතුරට හා නැගෙනහිරට


(ක.ග කරුණාරත්න)

ජල ගැලීම් වලින් විනාශ වන රත්නපුර, කෑගල්ල, කළුතර වැනි ප්‍රදේශවල කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අසීමිතව මහ මුහුදට ගලාගෙන යන ජලය විශාල නල මාර්ගයෙන් උතුරට, උතුරුමැදට සහ නැගෙනහිරට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වසරේ සිට සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
යල මහ කන්න දෙක පිළිබඳව අලුත් වැඩසටහනක් කාලසටහනක් මේ වසරේ සිට සකස් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ මැදිරිගිරියේ දියසෙන්පුර දී පැවති රැස්වීමකදී පැවසීය.

භූ විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයන් කැඳවා තමන් කළ සාකච්ඡාවක දී ඔවුන් මේ බව කියා සිටි බවද ජනපති අවධාරණය කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින අපේක්ෂක  අපේක්ෂිකාවන්ට සහයෝගය පළ කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.