අපට මැති ඇමැතිකම් අවශ්‍ය නෑ - ෆීල්ඩ් මාෂල් පොන්සේකා


අපට පාර්ලිමේන්තු  යන්න අවශ්‍යත් නැහැ.  ඇමැතිකම් වඩකුත් නැහැ. ඒවා ගන්න අවශ්‍ය නම් ප‍්‍රබල පක්ෂ වලින්  මැතිවරණයට ඉදිරිපත් වෙන්න්න තිබුණා. ජනතාව හරි මඟ  යවන්න ඔනෑ නිසා තමයි වෙනම බලවේගයක් ගොඩනගන්න කල්පනා කළේ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද ( 01 ) මාවනැල්ල, ප‍්‍රකාශ කළේය.
මෙ රටේ ජනතාව ප‍්‍රබල පක්ෂවලට ගැති වේලා යාව ජීවවේලා දේශපාලනයේදි ඒ සඳහා තම මනාපය පාවිච්චි කිරිම නිසා අපේ් ජිවිත ගොඩනගන්න ශක්තියක් නොදෙන, අනාගත සැලසුම්, සිතුමි පැතුම්, කඩා කප්පල් කරන තත්ත්වයකට පත්වෙලා
තමුන්නාන්සේලාගේ ජිවිත වලට වටිනා කමක් ලැබෙන්න. ඔබට කකුල් දෙකෙන් හිට ගන්න, කාටවත් අතපාන්නේ නැතිව, කාටවත් හිස නමන්නේ නැතිව, අභිමානයෙන් ජිවත් වෙන්න ආත්මගරුත්වය රැක ගෙන ජිවත් වෙන්න අවශ්‍ය නම් හොඳට හිතා බලා  තීරණය ගන්න.

164 165 166