අඳනෙන් බෝම්බයක් එළියට


අත් බෝම්බයක් ගෙන හලාවත මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතාගේ නිල මැදිරියට ඇතුළු වන්නට ගිය භික්ෂුවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.හලාවත කරවිට පන්සලක භාණ්ඩ වගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇප නියම කර මහේස්ත‍්‍රාත් නිල මැදිරියෙන් එළියට රැගෙන යද්දී සිංහාරේ ගුණරතන නම් වු මෙම භික්ෂුව අඳනය අස්සෙන් බෝම්බය අතට ගත් බවත් උසාවි සැරයන් වහා එය උදුරාගත් බවත් පොලිසිය කීය. ඔහුටද නිවිතිගල රතන නම් සාමනේර භික්ෂුවටද රුපියල් ලක්ෂය බැගින් ඇප නියම විය.