අනේ සීගිරියට ගිය කලක්


සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයනට මෙන්නම සීගිරිය නව නගරයෙහි  පදිංචිකරුවනට ද පවතින දුෂ්කරතා මගහරවා  දෙන ලෙස ඉල්ලා සීගිරිය නව නගරයේ  පදිංචි කරුවෝ පිරිසක් අද (14)උත්ඝෝෂණයක් කළහ.

සීගිරීය පිවිසුම් මාර්ගයන්හි වල්වල් හෑරීම නිසා දෙස් විදෙස් සංචාරකයනට වාහන වලින් තියා පයින්වත් ගමන් කිරීමට නොහැකි බව ඔවුහු කියති.

වසර 18 ක් තිස්සේ සීගිරිය නව නගරයේ සංවර්ධනය ඇන හිට ඇතැයි ද, මෙහි ‘‘වැසිකිලි‘‘ කැසිකිලි‘‘ පහසුකම් හා බීමට ජලය නැතැයි ද ඔවුහු කියති. වර්ෂාවත් සමග වෙළෙද කුටි ජලයෙන් යට වෙතියි ද සීගිරිය නව නගර මධ්‍යයේ මඩ වළවල්හි  ගොයම් ගස් ද පැල වී ඇත.