අනේ රෝහලකට ගිය කලක්


දින හතරක් තිස්සසේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලකුණක් අද දහවල් වන පෙනෙන්නට නොතිබිණී.

රෝහලට විසි හතර පැයේම පොලිස් ආරක්ෂාව දී ඇත.

රෝගියකුට ප්‍රතිකාර නොකළැයි කියන සිද්ධියක් හා රෝගියකුගේ සමීප නෑයකුට පොලීසියෙන් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පාමින් වෛද්‍යවරු පස්දෙනාත් සේවකයෝ 54 දෙනාත් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයට වාර්තා කරති.

රෝහල වසා දැමීම නිසා  බදුරලියේ වැසියනට මතුගම,පිඹූර හා නාගොඩ රෝහල්වලට යාමට සිදු වී ඇත.