අනුෂ පැල්පිට ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි


(රංජන් කස්තුරි)

නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුකළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත වන අතර ‘ඒඑල්අයිටී‘ සමාගමට කිසිම  අවස්ථාවක එවැනි මුදලක් ගෙවා නැතැයි අවධාරණය කරන බව විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.