( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගය සැප්තැම්බර් 04 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.
නඩු විභාගයේ සාක්ෂි විභාගයද එදින ඇරඹීමට නියමිතය.
අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ලබා දෙන ලදී.