අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්


(යොහාන් භාසුර)

අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) පෙරවරු 8.00 සිට හෙට (20) මධ්‍යහන 12.00 දක්වා පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙම හදිසි නඩත්තු කටයුත්ත නිසා අනුරාධපුර නව නගර ජලසම්පාදන ක්‍රමය, අනුරාධපුර පළමු පියවර, අනුරාධපුර උතුරු ජලසම්පාදන ක්‍රමය, යාපනය හංදිය, මාතලේ හංදිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව, ගල්කුලම සහ මිහින්තලය ජලසම්පාදන ක්‍රමයේ සිට ඒ 09 මාර්ගය, මරදන්කුලම, දොරමලාව, සමෘද්ධි මාවත, උක්කුලන්කුලම, ජයන්ති හන්දිය, සංගිලිකුලම, රඹෑව වැව පාර, මහකනදරාව බෝගහයාය, කලුවටා පාර, රුවන්ගම, වැල්ල මොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බි කුලම, මිහින්තලය නගරය, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්‍ෂ මාවත, වෙලංකුලම්, ත්‍රිකුණාමලය පාර, කිරින්දේගම සහ ඉසුරු උයන යන ස්ථානවල ජය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවයි.