(අතුල බණ්ඩාර සහ උපුල් හේරත්)
අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි.
පෞද්ගලික සමාගම අද පෙරවරුවේ ඒ.ටී.එම් යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමට සූදානම් වෙද්දි යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔවුනට මිරිස්කුඩු ගසා මුදල් පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් හා මුදල් ගෙනා පිරිස අතර පොරයක් සිදුව තිබේ.
එක් කොල්ලකරුවකු එහි ආරක්ෂාවට සිටි පුද්ගලයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරිමේ දි ආරක්ෂකයාට වෙඩි වැදී රෝහල් ගත කර ඇත.
ඒ සමග මුදලා රැගෙන ආ වෑන් රියේ රියැදුරා ගිනි අවිය රැගෙන කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර වෙඩි කාගෙනම කොල්ලකරුවන් පළා ගිය බව ඔවුහු පවසති



