රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර
දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නීතීපතිවරයා අනුරාධපුර මහාධිකරණයට යොමු කළ නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියම කළේය.
දෙමළ සිරකරුවන් තමන්ගේ නඩුව වව්නියාව මහාධිකරණයේ විභාගයට ගැනීමට කැමැති හෙයින් මෙම නඩුව වව්නියාව මහාධිකරණයට මාරූ කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවට රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා කළ දැනුම් දීමක් සළකා බැලූ අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනසුරු මඩුල්ලක් සළකා බලන ලදී.
රාජතුරෙයි තිරුමාවල්, , මනීරාසන් සුලූකාන් සහ ඥාණසේන දර්ශන යන අය ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට ඇත.
පොලිස් ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් තමන් දැනට අනුරාධපුර බන්ධනාගාරයේ ර`දවා සිටින බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමේ සඳහන් කොට සිටිති.

