අනුරාධපුර එළිමහන් සිරකඳවුරෙන් රැඳවියෙක් පළායයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර එළිමහන් සිරකදවුරේ රැඳවියකු අද (21) පස්වරු හයට පමණ සිර කඳවුරෙන් පළා ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. මෙම රැඳවියා පලාගල කිරිදිවත්ත ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඔහු සිය නිවස ආසන්නයේ පදිංචිකරුවකු කපා කොටා තුවාල කිරිමේ සිද්ධියකට කැකිරාව අධිකරණයෙන් වසරක සිරි දඩුවම් නියමවු රැදවියකු බව පොලිසිය කියයි.

ඉඩම්ගෙදර ජගත් ලයනල් නැමැති පළා ගිය මෙම රුදවියා අත් අඩංගුවට ගැනිම සදහා අනුරාධපුර පොලිසිය මගින් පරික්ෂණ කටයුතු අරඹා තිබේ.