පොසොන් දිනයේ අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගැනිමටත් පෙහෙවස් සමාදන් විමටත් අපේක්ෂාවෙන් රටේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් අනුරාධපුරයට පැමිණිය. මෙලෙස පැමිණෙන පිරිස් වෙනුවෙන් දන්සැල් රැසක් ද අනුරාධපුරයේ පැවැත්වේ. ඔවුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අනුරාධපුර නගර සභාව කටයුතු සූදානම් කැර ඇති අතර පොලිසිය අමතර ආරක්ෂාව ද යොදවා ඇත. අනුරාධපුරයට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ බස්රථ හා දුම්රිය ද යොදවා තිබිණි.

