අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී බසයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් රියැදුරාද ඇතුළුව තවත් තිදෙනක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබුවන් තිදෙනාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. මළගෙදරක ගොස් ආපසු නිවෙසට යාම සඳහා බස්නැවතුම් පොළට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.




