(සුජිත් හේවාජුලිගේ )
ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කියන බූරු කතාවට තමා එකඟ නැති බවත් වර්තමාන පාර්ලිමේන්තුවේ එක බූරුවකුවත් කොටළුවකුවත් නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
වැඩිම උගතුන් පිරිසක් සිටින පාලිමේන්තුව මෙය බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම බූරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් කර ඇති හෙයින් ඒ ප්‍රකාශය සමග ඔහුද බූරුවකුවී සිටින බව පෙනී යන්නේ යැයි හිටපු අමාත්‍යවරයා කීවේය .
අනුර කුමාර බූරුවකු යැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බව පැවසූ දිසානායක මහතා ඔහු බූරුවකු ලෙස හඳුන්වා ගන්නේ නම් ඒ බූරුවා කියන දේවල් ඇසීමට සුදානම් නැතැයිද සඳහන් කළේය.
ඔහු තම කැමැත්තෙන්ම බූරුවෙකු ලෙස හඳුන්වා ගත්තට තමාට කරන්නට දෙයක් නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.