ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යන ලකුණු තවත් තහවුරු කරමින් පළාත් ඇමැති අනුර විදානගමගේ මහතා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී අද පැවසුයේ මෛත්‍රිපාල සිරිසේන නව ජනපතිට සහාය දක්වන බවට පෙර දින ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම තමාගේ බවයි.
ඌව හිටපු මහ ඇමැති ඒ.එම්.බුද්ධදාස මහතාද මෛත්‍රී පිලට එක්වීමට යයි. ඒ අනුව අදම එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාවේ වැඩි බලය පෙන්වීමට නියමිතය. එසේ වුවහොත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඌව මහ ඇමැතිකම අහිමිවී යාමට ඉඩ ඇතැයි කියති.

