(මුදිතා දයානන්ද )
2020 මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා තරග කරනු ලැබේ.
ඔහු කොළඹ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අද (16) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි සිදුකෙරිණි.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජනබලවේගය යටතේ අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ නානායක්කාර, නිතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ ජානක අධිකාරී, නිතිඥ නිරූපා සේරසිංහ, දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින්ද තරග වදිති.
මෙවර මහමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම තරග කරනු ලබන අතර ඒ සඳහා වන නාමයෝජනා පත්‍ර සියල්ල සකස් කර අවසන් බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම නාමයෝජනා පත්‍ර සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අත්සන් තැබීම ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නීතිඥ ලාල් විජේනායක, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක, මහාචාර්ය චන්දන අබේරත්න, සාහිත්‍යවේදි ජයතිලක කම්මැල්ලවීර මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



