(රේඛා තරංගනී ෆොන්සේකා)
අන් අය තලා පෙලා සිරගත කොට බොහෝම ඉහලින් සතුටු වීමේ භහානක රෝගයකින් රටේ පාලකයන් පෙලෙන බවත් එයට අනුබල දෙන්නේ එන්ජියෝ සංවිධාන බවත් නිවැරිදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන් වන බවත් ඇමරිකාවේ සංඝනායක ලොස් ඇංජලීස් නුවර ධර්ම විජය විහාරයේ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ පැවසීය.
උන් වහන්සේ මෙම අදහස් පල කළේ වියත් මග සංවිධානය හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත්පතා බෙල්ලන්විල විහාරස්ථානයේ අද (27) සංවිධානය කර තිබූ ආශිර්වාද බෝධිපුජා පිංකමට වැඩමවාලු අවස්ථාවේදීය.
වසර හතලිස් දෙකක් පුරා ඇමරිකාවේ ජනතාවට ලාංකිකයන්ගේ කරැණාව දයාව පිළිඹඳ බණ දෙසුවද අද වන විට කට ඇරීමට නොහැකිව සිටින බව උන් වහන්සේ පැවසීය.
බුදු දහමට අනුව කලගුණ දැක්වීමේ උතුම් ගුනය වෙනුවට රට බේරා ගත් අයට වදහිංසා කිරීමේ භහානක මානසික රෝගයෙන් පෙලෙන පිරිස යහ මගට යොමු කිරීම මහා සංඝරත්නය වග බලා ගත යුතු බවත් උන් වහන්සේ පැවසීයහ
මෙම පිංකමට හිටපු හමුදා නිලධාරින් සහ ආභාධිත රණ විරැවන් හිටපු අමාත්‍ය ගාමිනි ලොකුගේ යන වහත්වරැ එක්ව සිටියහ.




