(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායකට දුන් බව කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මිය හිටපු මුදල් ඇමැතිගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු තර්ජන නිසා ජීවීත ආරක්‍ෂාව පතා ඇය විදේශ රටකට ගොස් ඇතැයි කොමිසමට සහය වන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (17) දැනුම් දුන්නේය.
2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනි දාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කැරිණි.
කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා කොමිසම රැස්වු අවස්ථාවේදී කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අනිකා විජේසුරිය මහත්මිය මෙම කොමිසම හමුවේ සාක්කි දුන් සාක්කිකාරිය කැයි පැවසීය.

