(ගයාන් සූරියආරච්චි)
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පුලස්තිපුර පොලිසියට අනුයුක්තව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කළ පොලිස් සැරයන් සමන් නැමැත්තෙකි.
පොලොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක සමග මියගිය සැරයන්වරයා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවත් අනතුරුව එම කාන්තාව අනියම් සම්බන්ධතාව නැවැත්වීම හේතුවෙන් පෙරේදා (19) රාත්‍රී මෙසේ ගිනි තබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
මෙම සැරයන්වරයා විසින් පෙට්‍රල් බූලියක් රැගෙන එම කාන්තාවගේ නිවෙසට පැමිණ නිවෙසේ දොරට තට්ටු කර පසුව දොරට පයින් ද පහරදෙන බව සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් එම කාන්තාව දොර විවෘත නොකිරීම හේතුවෙන් සැරයන්වරයා පෙට්‍රල් සිරුරට හලාගෙන ගිනි තබාගෙන ඇති බව පොලිසිය කියයි.
අනතුරුව බරපතළ පිළිසුම් තුවාල ලැබූ සැරයන්වරයා අසාධ්‍ය තත්ත්වයෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.