රොහාන් කුමාර
අනියම් පෙම් ඇසුරේ සුව විදිමට තම දියණියගේ දෑස් ටයි පටියෙන් බැද මත්පෙති දී සිහිසුන් කළ පියා අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලිසිය පරික්ෂණ සිදුකරයි.
කෑගල්ල නගරයේ ඇති පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 7 වන දියණිය පාසල් ඇරුණු පසුව පාසලට ඉහළින් ඇති මාර්ගයේ ඔහුගේ ලොරියේ රැගෙන ගොස් ඒ යන අතරතුරදී දැරියගේ දෑස් ටයි පටියෙන් බැඳ දමා ඉන්පසුව පෙති වගයක් බලෙන්ම පොවා ඇති බව පොලිසිය කියයි.
දිනක් පාසලට පැමිණි දැරියගේ මවට කීපදෙනෙකුම දියණිය සම්බන්ධයෙන් සොයා බලන ලෙස කිවද පියා සමඟ යන එන බැවින් ඒ සඳහා උනන්දු නොවූ බවත් නැවත වරක් තවත් අයෙක් පැවසීමෙන් පසුව දියණියගෙන් ඇසුවද නොකියන ලෙස ඇයව බයකර ඇති නිසා පවසා නැත.
දියනියට ඇය කැමති විස්කෝතු පැකට්ටුවක් රැගෙන දී චාටුවෙන් ඇසීමේදී සිදුවන දේ මවට පවසා ඇති අතර ටයි පටියෙන් දෑස් බැන්දත් තම පන්තියේම ළමයකුගේ මවක් යැයි දැක ඇති බව දැරිය මවට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.