අනාථයා තව අනාථයකුට විදී


සරණාගතයකු  තලෙයිමන්නාරමේ සිටින ඔහුගේ පවුලේ අය වෙත රැගෙන යන බව කියා රුපියල් හතලිස්දාහක් ගත් පුද්ගලයෙක් ද එම සරණාගතයා හා තවත් දෙදෙනෙක් ද ධනුෂ්කොඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

ඇන්තනී ෆ්‍රැන්සිස් නම් වු එම ශ්‍රී ලාංකිකයා වව්නියාවේ පදිංචිකරුවකු බවත්  දකුණු ඉන්දියාවේ මණ්ඩපම් කඳවුරේ  ශන්මුගම් නැමැත්තාට රුපියල් හතලිස්දහසක් දී පවුලේ සාමාජිකයින් මුණ ගස්වන ලෙස පවසා ඔහු මුහුදේ අතරමං කැර ඇතැයි පොලීසිය කියයි.

2005 දී ප්‍රංශයට ගිය බව කියන ෆ්‍රැන්සිස් මාසයකට පෙර මුම්බායට පැමිණි ඇතැයි කියති.