අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය නවතම පාවාදීමයි



රංජන් කස්තුරි
 
සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය කිරිම වත්මන් ආණ්ඩුවේ නවතම පාවාදීමක් වන අතර එය ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විදේශ බලවතුන්ගේ අවශ්‍යතා ඉටුකිරිමයැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2002 අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය කිරීම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.