අන්ධ ඇතාට කනවැල අල්ලයි
පසුගිය 31 වැනි දා සිට කලාවැව තාවුල්ලේ සිටින අන්ධ දළ පූට්ටුවා තවත් ඇතින්නියකගේ සහායෙන් ගල්ගමුව දෙසට යමින් සිටින බව වයඹ පළාත් බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි. දෙඇස් අඳ මේ ඇතා බරපතල තත්ත්වයේ සිටියදී පශු වෛද්‍යවරු හය දෙනෙක් ප‍්‍රතිකාර කළහ. අද සවස එහි ආ ඇතින්නියක දළ පූට්ටුවාට කනවැල අල්ලාගෙන ගිය බව ගැමියෝ කියති. දඹුල්ලේ දී වාහන 49කට පහරදී අලාභහානි කළේ මේ ඇතාය.

