විවිධ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙරට සාමයට හා සංහිඳියාවට බාධාවක් බවත් අයිඑස්අයිඑස් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ රට තුළ ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයවීමට ඉඩ ඇති බවත් දන්වමින් බොදු බල සේනා සංවිධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිපියක් යවා ඇත.
ලිපියේ සඳහන් කරුණු ගැන පර්යේෂණ හා විමර්ශන සිදු කිරීම, රජයේ නායකයින් දැනුවත් කිරීම, තර්ජන පිළිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම, එම තර්ජන පිළිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිතර දැනුම්වත් කිරීම හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයට අවස්ථාවක් දෙන ලෙසද ජනපති හා අගමැතිගෙන් එම සංවිධානය ඉල්ලා ඇත.

