(සුජිත් හේවාජූලිගේ)
කටාර් රාජ්‍යයේ සිට ‘‘වන්උම්ම‘‘ නමැති වට්ස්අප් ජාලයක් හරහා අන්තවාදි දේශන හා වීඩියෝ දර්ශන ප්‍රචාරය කළ ප්‍රධාන පෙළේ අන්තවාදි කල්ලියක ප්‍රබල නායකයෝ දෙදෙනෙක් ත්‍රස්තවාදි විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මඩකළපුව කාතන්කඩි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලබූහ.
මෙම දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට අයි.එස්.අයි.එස් මතවාද ප්‍රගුණකර සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ මතවාදයට පටහැනි ආකාරයේ මතවාදයක් මේ රටේ ඇති කිරීමට කාලයක් තිස්සේ කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලින් තොරතුරු හෙළිවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මෙවැනි අන්තවාදි ක්‍රියාවලට සම්බන්ධ බව කියන හය දෙනෙක් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව එරටින් පසුගිය දා පිටුවහල් කරනු ලැබූහ.

