අන්තරේ සංජිව පොලිස්පති හමුවෙයි


නාඳුනන සන්නද්ධ පිරිසක් තමා සේවීමට පටන්ගෙන ඇති බැවින් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර පොලිස්පති එන්.කේ. ඉලංගකොන් මහතා පැමිණිලි කිරීමට අද සවස පොලිස් මූලස්ථානයට ගියේය. ‘‘මා අත්අඩංගුවට ගන්නට ඕනෑ නම්, සාධරණ හේතු ඔප්පු කිරීමෙන් පමණක් පොලිසිට එසේ කළ හැකියි. නමුත් පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා සන්නද්ධ පිරිස් පැමිණ මා සෙවීම පිළිකුලෙන් හෙළා දකිනවා‘‘ යැයි ඔහු කියයි. ඔහුත් සමග නිතිඥ රෙක්සි පියදාස, විශ්ව විද්‍යාල ශිෂ්‍ය චින්තක රාජපක්ෂ යන මහත්වරු ද පැමිණ සිටියහ.