අන්තරේ විරෝධතාව නිසා පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි


(ඉෂාන් සංජීව)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  ශිෂ්‍ය විරෝධි පාගමන  මීට සුළු  මොහොතකට පෙර  පාර්ලිමේන්තු සංකීර්ණයට පිවීසීමට කළ උත්සාය වළක්වමින් මේ වන විට  පාර්ලින්මේන්තු   මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

කැරලි මර්ධන ඒකකය ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ යොදා එහි තත්ත්වය පාලනයට පියවර ගෙන ඇත.ගැටුම්කාරි අවස්ථාවක් ඇති වුවහොත් පාලනය සඳහා පොලිස් කොස්තාල්වරියන්ද යොදවා තිබේ.

සිසුහු 5000 ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටිති.

 අද දහවල් සෞන්දර්ය විශ්ව  විද්‍යාලය අසළින් මෙම විරෝධතා පාගමන ඇරැඹිණි.

මේ අතර  පාර්ලිමේන්තුවට යාම සඳහා පැමිණි  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවට යාමට නොහැකිව  සිය වාහනයෙන් බැස  ප්‍රධාන මාර්ගයෙන් ඉවත්  වී  පයින් ගමන් කරන්නට සිදු විය. එම අවස්ථාවේ ඡායාරූප ද මෙහි දැක්වේ.

(අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  සිය වාහනයෙන් බැස මාර්ගයෙන් ඉවත් වී ගමන් කළ අයුරු)

්‍