අන්තරේ විරෝධතා පාගමනක්


(ලහිරු හර්ෂණ ) 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළින් ඇරැඹිණි.

‘මඩකලපුව උපාධි කඩය වසා දමන්න යැයි  පවසමින් ‘  ඔවුහු විරෝධතාවයේ නියැලී සිටිති.

සිසුහු 500 ක් පමණ දෙනා මේ සඳහා සහභාගී වි සිටිති.

විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැමිණ එහිදී  සිය විරෝධතාව දැක්වීමට නියමිතය. 

ඒ අවට යම් රථවාහන තදබදයක්ද පවතී.