අන්තරේ ලහිරුට - ටැම්පිටියේ හිමිට ඇප


(නිමන්ති රණසිංහ)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට හා අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(31) ඇප නියම කළේය.

පසුගියදා මාලබේ සයිටම් ආයතනයට එරෙහිව කොල්ලුපිටියේ දී උසාවි නියෝග කඩකරමින් උද්ඝෝෂණය කළැයි ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටියහ.