අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ්


(ඉන්දිකා රාමනායක)

අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය.

පෙර නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ඉකුත්දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මොවුන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවාය.